මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි කරුණාරත්න අද(16) සමත් වූවා

ඒ මේ දිනවලට පැවැත්වෙන 25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදීයි.

තරුෂි මීටර් 800 තරගය අද(16) දිනයේදී විනාඩි 2.00.66ක කාලයකින් නිමාවට පත් කළේ නව ශ්‍රී ලංකා වාර්තාවක්ද සමගින්.

එසේම මීටර් 800 කාන්තා තරග ඉසව්වේ ලෝකඩ පදක්කමද දිනා ගත්තේ ශ්‍රී ලංකාවයි.

ඒ ගයන්තිකා අබේරත්න විසිනි.

WhatsApp Group

Skip to content