ආසියානු ක්‍රිඩා උළෙලේ කාන්තා මීටර් 800 ධාවන තරගයෙන් රන් පදක්කමක් දිනාගත් තරුෂි කරුණාරත්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා.

දුරකතන ඇමතුමක් ලබා දී සුබ පැතුම් එක්කිරීමටයි ජනාධිපතිවරයා පියවර ගෙන ඇත්තේ.

මෙම ජයග්‍රහණය රටට මහත් ආඩම්බරයක් බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.

මේ අතර වසර 21 කට පසු මළල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ලබා දුන් තරුෂි කරුණාරත්නට මුදල් ත්‍යාගයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇයගේ දක්ෂතා අගයමින් රුපියල් මිලියන 10 ක මුදල් ත්‍යාගයක් ලබා දීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content