තරුණ ප්රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමේ අරමුණ පෙරදැරිව තරුණ කෘෂි ව්යවසායකත්ව ගම්මාන 160ක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය විසින් මේ වන විට ආරම්භ කර තිබේ.
මේ අනුව කෘෂි ව්යවසායකත්ව ගම්මාන සතියක් මෙම මස පළමු වනදා (01) සිට 07 වන දා දක්වා ප්රකාශයට පත් කර තිබේ.
මෙහි පළමු ගම්මාන දෙක කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතාගේ ප්රධානත්වයෙන් සියඹලාණ්ඩුව පහත අරාව හා බිබිල මැදගම තඹාන ගම්මානවල දී ආරම්භ කෙරිණි.
මේ අනුව තරුණ කෘෂි ව්යවසායකත්ව ගම්මාන වැඩසටහන යටතේ දිස්ත්රික්ක 25ම නියෝජනය වන පරිදි තෝරාගෙන ඇති ගම්මාන 160 තුළ කුකුළු කර්මාන්තය සඳහා තරුණ ප්රජාව උනන්දු කිරීමේ ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමට තීරණය කර ඇත. මෙම ගම්මාන 160 තුළ එක් ගම්මානයකින් ව්යවසායකයින් 20ක් බැගින් තෝරාගෙන ඔවුන්ට කුකුළු පැටවුන් 50ක් බැගින් නොමිලයේ ලබා දෙනු ලබයි.
මේ අනුව වැඩිම බිත්තර ප්රමාණයක් දමන ලේයර් කුකුලු පැටවුන් 160,000ක් එම තරුණ ව්යවසායකයින් අතර බෙදා දීමට නියමිත බවත් මේ සඳහා රුපියල් මිලියන 850ක් පමණ වැය වනු ඇතැයි ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
සියඹලාණ්ඩුව පහත අරාව හා මැදගම තඹාන ගම්මානවල කටයුතු ආරම්භ කරමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය.

WhatsApp Group

Skip to content