අතුරුගිරිය සහ කොට්ටාව අතුරු මාර්ගයක පාලමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට පැනීම හේතුවෙන් තරුණයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
පොලිසිය සඳහන් කලේ අදාළ තරුණයා ධාවනය වෙමින් තිබූ වාහනය ගැටීම හේතුවෙන් බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කළ බවයි .

මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ අතුරුගිරිය වල්ගම ප්‍රදේශයේ පදිංචි අවුරුද්ගු 24ක තරුණයෙක්.

ඔහු අධිවේගී මාර්ගයට පැන්නාද නැතහොත් වෙනත් පාර්ශවයක් විසින් පාලම මත සිට එම තරුණයා තල්ලු කරාද යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති අතර අතුරිගිරිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.

WhatsApp Group

Skip to content