සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති සිව්වන හා අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 157ක් රැස් කළා.
එහිදී උස්මාන් ඛාන් ලකුණු 38ක් සහ නායක බාබර් අසාම් ලකුණු 36ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී මාර්ක් වුඩ්, අදිල් රශීඩ් සහ ලියම් ලිවින්ග්ස්ටන් කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 158ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
එහිදී පිල් සෝට් ලකුණු 45ක් සහ නායක ජොස් බට්ලර් ලකුණු 39ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී හරිස් රාවුෆ් ලකුණු 38කට කඩුලු 3ක් බිඳ හෙළුවා.
මෙම තරඟ ජයග්‍රහණයත් සමග තරඟ 4කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය තරඟ දෙකට බිංදුවක් ලෙස ජයග්‍රහණය කරනු ලැබුවේ එංගලන්ත කණ්ඩායමයි.
මෙහිදී තරඟ 2ක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වුණා.

WhatsApp Group

Skip to content