2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 35 වන සහ 36 වන තරග ඊයේ දිනයේදී පැවැත්වුණා.

මෙහිදී සමස්ත තරගාවලියේ 35 වන තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව නවසීලන්තය පරාජය කරමින් ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට සමත් වුනේ පාකිස්තාන කණ්ඩායමයි.

එම තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තානය පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කළ ලකුණු සංඛාව 401 ක්.

එහිදී රචින් රවින්ද්‍ර ලකුණු 108 ක් සහ කෙන් විලියම්සන් ලකුණු 95 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී මොහොමඩ් වසීම් කඩුළු 3 ක් දවා ගැනීමට සමත් වුණා.

ලකුණු 402ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි පාකිස්තාන ඉනිමේ 25 වන පන්දුවාරයේ 3 වන පන්දුවේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ වන විටත් එක් කඩුල්ලක් දැවී ලකුණු 200ක් ලබා සිටීම සහ එය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සදහා ප්‍රමාණවත් වීම හේතුවෙන් තරගයේ ජය ඔවුන් හට ලබාදීමටයි තරග තීරක වරයා කටයුතු කලේ.

මේ අතර ඊයේ පැවති 36 වන තරගයෙන් එංගලන්ත කණ්ඩායම පරදා ලකුණු 33 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

අහමදාබාද්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමටයි තීරණය කලේ.

ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49.3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 286 ක් රැස්කළා.

එහිදී මර්නස් ලබුශෙන් ලකුණු 71 සහ කැමරන් ග්‍රීන් ලකුණු 47 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් කඩුලු 4 ක් දවා ගැනීමටයි සමත් වුනේ.

ලකුණු 287 ක ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයින්ට පන්දුවාර 48 යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවි ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 253 ක් පමණයි.

WhatsApp Group

Skip to content