වැඩිම මත්පැන් පානය කිරිමේ පුද්ගලයා තේරිම සදහා පැවැත් වු තරගයක් අතරතුරදි වැඩිම මත්පැන් ප්‍රමාණයක් පානය කල පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වි ඇත.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතුයායේ මාල්බ්‍රෝ කොටසේ පදිංචි ගනේෂන් රාමචන්ද්‍රන් නැමති 39 හැවිරිදි තිදරු පියෙකි.

පසුගිය 27 දින රාත්‍රියේ එම වතුයායේ හින්දු කොවිලේ වාර්ෂික තේරු උත්සවය පවත්වා ඇති අතර, එම උත්සවයට සහභාගි වු තරුණ පිරිසක් එක්ව වැඩිම මත්පැන් ප්‍රමාණය පානය කරන පුද්ගලයා තේරිමට තරගයක් පවත්වා තිබේ.

තරගයට එම වතුයායේම පදිංචි පුද්ගලයන් තිදෙනෙකු ඉදිරිපත් වි ඇති අතර, ඒ සඳහා මිලිලිටර් 750 මත්පැන් බෝතල් තුනක් ලබා තිබේ.

එහිදී අඩුම කාලයකින් මත්පැන් බෝතලය පානය කරන පුද්ගලයා ජයග්‍රහකයා ලෙස තොරා ගැනිමට සැලසුම්

කර තිබී ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ තරගයේ ජයග්‍රාහකයා ලෙස තේරී පත්වූ පුද්ගලයායි.

ඔහු තරගයට ඉදිරිපත් විමට පෙර සිටම අධික ලෙස මත්පැන් පානය කර සිටි බව එම වතුයායේ වතු කම්කරුවන් පැවසීය.

රාත්‍රියේ නිවසට පැමිණි තම පියා රාත්‍රි ආහාර ගෙන නින්දට ගිය පසු, රාත්‍රියේ නින්දේදීම ජිවිතක්ෂයට පත්ව ඇති බවයි මියගිය තිදරු පියාගේ වැඩිමහල් දියණිය පවසා ඇත්තේ.

WhatsApp Group

Skip to content