තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේදී ලොරි රථයක වෑන් රථයක් ගැටීමෙන් අද අළුයම සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් වෙළඳසැලක් අසල නැවැත්වීමට යාමේදී එම දිශාවටම වනය වූ අදාළ වෑන් රථය ලොරි රථයේ පිටුපස බඳ කොටසේ ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුර වෑන් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී හා අධික වේගයෙන් රිය ධාවනය කිරීම හේතුවෙන් සිදුව ඇති බව විමර්ශනයේදී අනාවරණය වූ බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content