එකල භීෂණ සමයේ තම පියා ඝාතනය කිරීමට පැමිණි ඝාතකයා අද අනුර කුමාර දිසානායක මහතාගේ වේදිකාවේ සිටින බව සමගි ජන බලවේගය ජන හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළා.

තම පියා එකල මහජන පක්ෂයේ සිටින කාලයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් එම පක්ෂයේ බොහෝ දෙනෙක් ඝාතනය කළ බව ඇය සදහන් කළා.

ඝාතකයන් පැමිණ වෙඩි තබන්නට උත්සාහ කරද්දි තම සීයා එම ඝාතකයන් සමග පොරබැද ඝාතකයන්ගේ තුවක්කුවෙන් වෙඩි තබා ඝාතකයා ඝාතනය කළ බව ඇය පැවසුවා.

එදා එම ඝාතනය සඳහා පැමිණි ප්‍රධානියා අද අනුර කුමාර දිසානායක මහතාගේ වේදිකාවේ සිටින බව පැවසූ ඇය, නුදුරේදීම එම නම් ගම් සමග තමන් සියල්ල හෙළිදරව් කරන බවද සඳහන් කළා.

WhatsApp Group

Skip to content