සිය හය හැවිරිදි දියණියට වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පෙවීමට තැත්කළ පියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හුංගම, බටඅත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ඔහුගේ බිරිඳ විදේශගත වී සිටින අතර ඇය මුදල් නොඑවීම හේතුවෙන් කෝපයටපත් සැමියා බිරිය සහ පවුලේ අනික් අය බිය වැද්දවීමට මෙලෙස සිදු කර ඇති බව සඳහන්.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වන අවස්ථාව වන විටත් සැකකරු අධික ලෙස බීමත්ව සිට ඇති බව සඳහන්.

කෙසේ වෙතත් අදාළ දැරියට වැසිකිළි පිරිසිදු කාරක දියරය පෙවී ඇද්දැයි පරීක්ෂා කිරීම සදහා ඇය හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content