වයස අවුරුදු 9ක් සහ 5ක් වූ තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහරදීමක් වීඩියෝ ගතකර සමාජ මාධ්‍යයට එක් කරන ලද බව කියන එම දරුවන්ගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි පියෙකි.

මෙම පුද්ගලයා දිඹුලපතන පොලිස් බලප්‍රදේශයේ වතු යායක පිහිටි සිය බිරිඳගේ නිවසේ පදංිචිව සිටින අතුරතුර ඉකුත් 5 වනදා රාත්‍රී කාලයේදී මෙලෙස දරුවන්ට පහරදී ඇති බවයි මූලික පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත්තේ.

සැකකරුගේ බිරිඳ විදෙස්ගතව ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු කොළඹ ප්‍රදේශයේ වාහන සේදුම් ස්ථානයක සේවය කරන්නෙකු බවටත් දරුවන් දෙදෙනා මිත්තණිය භාරයේ සිටින බවටත් අනාවරණ වී තිබෙනවා.

එසේම විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ දරුවන් පියාගේ උපදෙස් පිළිනොපැදීම හේතුවෙන් මෙලෙස අමානුෂික ලෙස පහරදීම සිදු කර ඇති බවයි.

තම දරුවන් දෙදෙනා සමග ලිඳුල පොලිස් බලප්‍රදේශයේ නාගසේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු සහ දරුවන් දෙදෙනා ඉදිරි විමර්ශන කටයුතු සඳහා ලිඳුල පොලිසිය වෙත භාරදී තිබෙනවා.

ලිඳුල පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ළමුන් දෙදෙනා පොලිස් භාරයට ගත් අවස්ථාවේ ළමුන් නිරාහාරව සිටි නිසා ළමුන් දෙදෙනා ආහාර පාල ලබාදීමට ලිඳුල පොලිසිය පියවර ගත්තා.

දරුවන් දෙදෙනා දික්ඔය මූලික රෝහලේ අධිකරණය වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර දිඹුලපතන පොලිසිය කියා සිටියේ සැකකරු අහැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

 

WhatsApp Group

Skip to content