තමන්ගෙන් අධ්‍යාපනය හදාරන සිසුන්ගෙන් මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් මධ්‍යම පළාතේ අධ්‍යාපන ලේකම්වරයා විසින් අදාළ ගුරුවරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා .

මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මතයි .

මුදල් අය නොකර යහපත් චේතනාවෙන් යුතුව තමන්ගෙන් පාසලේ දී ඉගෙන ගන්නා සිසුන්ට අමතර පන්තිවල ඉගැන්වීමට බාධාවක් නොමැති බව ද එම චක්‍රලේඛයේ සදහන් වනවා .

මේ අතර අදාල චක්‍රලේඛය උල්ලංඝනය කරමින් කටයුතු කරන ගුරවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බව ත් ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සලකා බලා ස්ථාන වැටලීම් කරන බවත් මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් යූ.බී. හේරත් මහතා ප්‍රකාශ කළා

WhatsApp Group

Skip to content