ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළබිළි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

මේ අතර තද සුළං සහ මුහුද රළුවීම සම්බන්ධයෙන්ද ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ දකුණු අන්දමන් මුහුද සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් වර්ධනය වී ඇති බවයි.

එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් මස 30 දින වන විට ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රීතව පීඩන අවපාතයක් දක්වාත් ඉන්පසුව සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමට ඉඩ ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්.
එම නිවේදනය පහතින් දැක්වේ.

 

 

WhatsApp Group

Skip to content