තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අද උදෑසන 8 ට නිකුත් කළ එම නිවේදනය හෙට උදෑසන 8 දක්වා වලංගු වන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, වයඹ දිශාවට ගමන් කරමින්, පීඩන අවපාතයක් ලෙස වර්ධනය වී හෙට දිනයේදී දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ වෙත ළඟා වන බව එම නිවේදනයේ සදහන්.

ඒ හේතුවෙන් මුහුදුබඩ ප්‍රදේශවල ඉතා තද සුළං සමඟින් තද වැසි පැවතිය හැකි අතර මුහුද ඉතා රළු විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

WhatsApp Group

Skip to content