කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජලය අපතේ යාම සියයට 40 සිට සියයට 18 දක්වා අඩු වී තිබෙනවා.

ඒ, ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය ක්‍රියාත්මක කළ මහ කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරිමේ නව ව්‍යාපෘතිය හේතුවෙන්.

එම ව්‍යාපෘතිය මගින් පැරණි ජලකාන්දු සිදු වූ නල ඉවත් කර ඒ වෙනුවට අලුතින් ජලනල එළනු ලැබූ බවයි එම මණ්ඩලය පැවසුවේ.

ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි වසන්තා ඉලංගසිංහ මහත්මිය සදහන් කළේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බවයි.

මේ අතර අගෝස්තු මාසයේ මුල සිට ජල බිල්පත් ඉහළ දමන බවද ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

ඊට අදාල යෝජනාව කැබිනට් අනුමැතිය සදහා යොමු කොට ඇති බවද සදහන්.

WhatsApp Group

Skip to content