ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යූහගතකරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ඉතා යහපත් බව යුරෝපා සංගමය පවසනවා.

ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවත් ක්‍රියාමාර්ග ගත යුතු බවයි එම සංගමය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලුවට විසදුම් සෙවීම සදහා ඉදිරියටත් සහය ලබා දෙන බවද එම සංගමය දැනුම් දී තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇති කර ගත් කාර්ය මණ්ඩල එකගතාවය ලබන 20 වනදා එහි විධායක මණ්ඩලය වෙත අනුමැතිය සදහා ඉදිරිපත් කරන බව එහි කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසනවා.

චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය ඇතු`ඵව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමේදී සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී ශ්‍රී ලංකා බලධාරින් ලබා ඇති ප්‍රගතිය පිළිබද තම ප්‍රශංසාව පළ කරන බවයි ඇය සදහන් කර තිබෙන්නේ.

WhatsApp Group

Skip to content