ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රගතියක් ලබමින් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

අමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවකදී එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් මහත්මිය මේ බව ප්‍රකාශ කළා.

ඇය පෙන්වා දුන්නේ ජී -20 පොදු යාන්ත්‍රණයට ඇතුළත් නොවුවද ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි.

අදාළ ක්‍රියාවලිය වේගවත් විය යුතු බවත් සාකච්ඡා පැවැත්වෙන කාලය තුළ ණය ගැති රටවලට යම් සහනයක් හිමිවිය යුතු බවත් ජුලි කොසැක් මහත්මිය පෙන්වා දුන්නා.

WhatsApp Group

Skip to content