ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය ලිහිල් කිරීමට සහය වීමක් ලෙස ණය ආපසු ගෙවීම සඳහා වසර 12 ක් දක්වා කාලය ලබා දීමට ඉන්දියාව සැලසුම්කර තිබෙනවා.

ඉන්දීය අපනයන ණය ඇපකර සංස්ථාවේ සභාපති එම්.සෙන්තිල්නාදන් මහතා මේ පිලිබඳ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත්, එම ප්‍රතිව්‍යුහගත කිරීමේ පැකේජය පැමිණි පසු මෙම සහන කාලය ලබාදීමට බලාපොරොත්තු වන බවයි සභාපතිවරයා පවසා ඇත්තේ.

ඒ, අනුව වසර අවුරුදු 03-04 ක කාලසීමාවකින් පියවීමට ඇති ණය පියවීම සඳහා වසර 10-12 දක්වා දීර්ඝ කිරීමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කළා.

WhatsApp Group

Skip to content