ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඩොලරයේ විකුණුම් මිල සහ ගැනුම් මිල සුළු වශයෙන් පහළ ගොස් ඇත.

ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයේ ගැණුම් වටිනාකම රුපියල් 303. 81ක් ලෙස සටහන් වූ අතර පසුගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයක ගැණුම් අගය සටහන් වූයේ රුපියල් 304. 71ක් ලෙසයි.

එමෙන්ම අද දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 313. 41ක් ලෙස සටහන් වූ අතර පසුගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 314. 23ක් ලෙස සටහන් වී තිබුණා.

WhatsApp Group

Skip to content