පෙබරවාරි 10 දක්වා ගතවූ සතිය තුළ ඇමරිකානු ඩොලරයට සහ ඉන්දිය රුපියලට සාපේක්ෂව රුපියල අතිප්‍රමාණය වී තිබෙනවා.

ඩොලරයට සාපේක්ෂව සියයට බින්දුවයි දශම 3කින් රුපියල අතිප්‍රමාණය වී ඇති අතර, ඉන්දීය රුපියලට සාපේක්ෂව අතිප්‍රමාණය වී ඇත්තේ සියයට බින්දුවයි එකකින් බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රුපියල, ජපන් යෙන් සහ යුරෝ සහ ස්ටර්ලිං පවුමට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති බව සඳහන්.

මේ අතර පසුගිය ජනවාරි මාසය අවසාන වනවිට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2,120 ක් ලෙස මහ බැංකුව ඇස්තමේන්තු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content