ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර පළමු විවාදය සැප්තැම්බර් 10 වනදා පැවැත්වීමට දින නියම වී තිබෙනවා.

ඇමෙරිකා හිටපු ජනාධිපතිවරයා එක්ස් ගිණුමේ සටහනක් තබමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ..

විවාද තුනක් සිදුකළ යුතු බවට ද ඔහු එහි දක්වා ඇති අතර පසුගිය දා මිචිගන් හි පැවති වැඩසටහනකදී කමලා හැරිස් විවාදයට සහභාගී වන බව තහවුරු කළා.

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ජුනි මාසයේ දී එරට ජනාධිපති ජෝ බයිඩ්න් සමඟ විවාදයක් ද පැවැත්වුවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා ලබන 10 වනදා විවාදයක් පැවැත්වීමට සූදානම් කර තිබුණ ද ජෝ බයිඩ්න් ජනාධිපතිවරණ සටනෙන් ඉවත් වීම හේතුවෙනුයි කමලා හැරිස්ට එම අවස්ථාව හිමිව තිබෙන්නේ.
………..

WhatsApp Group

Skip to content