ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ නඩුවට වරදකරු වූ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දඩුවම් ලෙස දඩයක් නියම කිරීම පමණක් සිදුකරනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා 34 ටම වරදකරු කිරීමට නිව්යෝර්ක් ජූරි සභාව අද කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව ඊට අදාළ දඩුවම් නියම කිරීම ලබන ජූලි 11 වන දා ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව ඇත්තේ.

කෙසේ වෙතත් මෙම දඩුවම් නියම කිරීමේදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දඩයක් පරිවාස හෝ අධීක්ෂණ කාලයක් යටතේ සිටීම හෝ සිරිදඩුවම් ඇතුළත් විය හැකි බවට ද මත පළව තිබෙනවා.

WhatsApp Group

Skip to content