“ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිට දිවි බේරාගත් ධීවරයා රැගත් නාවික හමුදාවේ “විජයබාහු” නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා.

එම ධීවරයා ප්‍රතිකාර සදහා හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

තංගල්ල ධීවර වරායෙන් ධිවරයින් 6 දෙනෙකු සමඟ පසුගියදා මුහුදු ගිය ඩෙවෝන් යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙකු විෂ ද්‍රව්‍යක් පානය කිරීමෙන් මියගොස් තිබුණා.

කෙසේ වෙතත් රෝගාතුරුව සිටි ධීවරයා සිංගප්පූරු ධජය සහිත වෙළද නෞකාවක් විසින් බේරාගෙන තිබූ අතර පසුව නාවික හමුදාවේ විජයබාහු නෞකාවට ඔහුව භාර දී තිබෙනවා.

WhatsApp Group

Skip to content