ඩෙංගු රෝගීන් වාර්තා වීම අඛණ්ඩව ඉහල යමින් ඇති දිස්ත්‍රික්කවල මදුරු මර්දන මෙහෙයුම් දැඩි කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබෙනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා ස‍ඳහන් කළේ එම ප්‍රදේශ වෙත විශේෂ කණ්ඩායම් පිටත් කර හැරීමට ද කටයුතු කරන බවයි.

පසුගිය සති කිහිපයේදී දිවයින පුරා ක්‍රියාත්මක කළ මදුරු මර්දදනවැඩසටහන් හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ඩෙංගු රෝගීන් වාර්තා වීම පහළ ගොස් ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39,409 දෙනෙකු බවද සදහන් වනවා.

https://www.vnews.lk/storage/2023/06/DENGU-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content