මෙරට තුළ දැනට පවතින ඩෙංගු වසංගත තත්වය අධි වසංගත තත්වයක් බවට පත්වීමට පෙර පාලනය කර ගත යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පවසනවා.

ඇය පවසන්නේ තවමත් ඩෙංගු රෝගය වසංගත තත්වයේ පවතින බවයි.

නැගෙනහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තිය සහ රෝග මර්දන කටයුතු පිළිබඳ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමිනුයි විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කර ඇත්තේ.

මෙතෙක් ඩෙංගු වසංගතය පාලනයට නතුව පවතින බවත්, එය පාලනයෙන් ගිලිහී යාමට නොදී සියලු පාර්ශව එක්ව ඩෙංගු මර්දනයට දායක වීමේ අවශ්‍යතාව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පෙන්වා දෙනවා.

WhatsApp Group

Skip to content