වසරේ ගත වූ මාස 10 ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 70,000 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

ඒ අනුව ජනවාරි පළමු වන දා සිට නොවැම්බර් පළමු වන දා දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,497 ක් බවයි එම ඒකකය සදහන් කළේ.

එමෙන්ම මෙම කාලය තුළ ඩෙංගු මරණ 32 ක් වාර්තා වී ඇති බවද ජාතික ඩෙංගු මර්ධන ඒකකය වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content