ඩෙංගු රෝගීන් සමීපව නිරීක්ෂණය කිරීමේ නව පද්ධතියක් අද එළිදක්වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

එම ඒකකය පැවසුවේ මෙම නව පද්ධතිය හරහා රෝගීන් වාර්තා වන ප්‍රදේශ නිරීක්ෂණය කර ඒ සදහා කඩිනමින් ක්‍රියාත්මක වීමට හැකියාව ලැබෙන බවයි.

ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 48,246 ක් වාර්තා වී ඇති බවයි.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවද ඔහු පැවසුවා.

 

WhatsApp Group

Skip to content