ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළ යාමක් නැවතත් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

මෙම වසරේ ගතවූ දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,387 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් සියයට 32.5 ක් ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්.

ගත වූ මාස 10 තුළ පමණක් ඩෙංගු බවට සැක කරන රෝගීන් 20,334 ක් වාර්තා වුණා.

රෝගීන් 145 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මෙම දිනවල වාර්තාවන ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ ලක්ෂණ ද ඩෙංගු රෝග ලක්ෂණ හා බොහෝ සෙයින් සමාන වීම හේතුවෙන් හා රෝගී තත්ත්වය නිශ්චය කර නොගෙන ලබාගන්නා ඖෂධ හේතුවෙන් විවිධ සංකූලතා ඇති වූ අවස්ථාවන් ද පසුගිය දිනවල වාර්තා වී ඇති බව සදහන්.

මේ, ඒ පිළිබඳව වැඩි දුරටත් අදහස් පළ කළ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා.

https://www.vnews.lk/storage/2023/01/ANANDA-WIJEWIKRA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content