වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් සියයට 20 ක් පාසල් දරුවන් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා .

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේ වර්ෂාවත් සමග මදුරු ඝනත්වය වැඩිවීමේ අවදානමක් පවතින බවයි.

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අදාළ රජයේ රෝහල් මේ වනවිට නම් කර ඇතැයි ද ඔහු කියා සිටියා .

වසරේ මේ දක්වා කාලය තුළ හඳුනාගගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැට දෙදහස් විසි නවයක් බව සඳහන්.

ඉන් වැඩිම රෝගින් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව තිස් දහස් දෙසිය හැත්තෑ එකක් වන බවටයි වාර්තා වන්නේ.

වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 38 ක් වන බවටයි ජාතික ඩෙංගු මර්ධනය ඒකකය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

 

WhatsApp Group

Skip to content