ගත වූ මාසය තුළ මෙරටින් වාර්තා වන දෛනික ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 335 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

වසරේ ගත වූ කාලසීමාව තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 85,216 ක් වන අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවටයි එම ඒකකය පවසන්නේ.

එමෙන්ම ගත වූ කාලසීමාවේදී ඩෙංගු වැළදීමෙන් මියගිය සංඛ්‍යාව 50 දෙනෙකු බවටයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය කියා සිටියේ.

WhatsApp Group

Skip to content