මෙම වසරේ ගතවු කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 31දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ගතවු දින දෙක තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 439 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව මේ වසරේ ගතවු කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 49,759 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් 24,837 දෙනෙකු බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.

මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61ක් අධි ඩෙංගු අවදානම් කලාප ලෙස ද හඳුනාගෙන තිබෙනවා.

https://www.vnews.lk/storage/2023/07/NALIN-ARIYARATHNE-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content