ඩෙංගු රෝගය හුදෙක් සෞඛ්‍ය ගැටළුවක් පමණක් නොව ආර්ථික මෙන්ම සමාජීය ප්‍රශ්නයක්ද වන බවත් මහජනතාවගේ පූර්ණ සහාය නොමැතිව සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් ඩෙංගු ව්‍යාප්තිය මර්දනය කළ නොහැකි බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

මෙම වසරේ ගෙවී ගිය මාස පහක කාලය තුළ ඩෙංගු රෝගීන් 25,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ නවයක් වාර්තා වී ඇති බවද ඒ මහතා අනාවරණය කළේය.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

WhatsApp Group

Skip to content