ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින් දිවයින පුරා රෝහල් සඳහා විශේෂිත මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ, රෝහල්, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවලින් තොරව පවත්වා ගැනීම මෙහි මූලික පරමාර්ථය බවයි.

මේ අතර බස්නාහිර පළාත් පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව ඇඳුමක් ඇඳීමට අවසර හිමි වී තිබෙනවා.

පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත් මහතා පැවසුවේ ඩෙංගුවලින් දරුවන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් එම පියවර ගත් බවයි.

ඒ අනුව, ලා පැහැති, දිග ඇඳුමක්, නිල ඇඳුමට යටින් ඇඳීමට අවසර හිමිවන බව ඔහු ප්‍රකාශ කළේ.

මේ වන විට මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,200 ක් බව සදහන්.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ මේ අතරින් සියයට 50 කට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි.

මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ඩෙංගු මර්ධන ව්‍යාපාරය සදහා තාවකාලික පත්වීම් ලබා ඇති පිරිසට ස්ථිර පත්වීම් ලබාදෙන්නේ කවදාද යන්නයි.

මේ ඒ සදහා පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා.

https://www.vnews.lk/storage/2023/06/SAJITH-VS-KEHALIYA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content