පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ක්‍රියාත්මක වූ මදුරු මර්දන සතියට අමතරව තවදුරටත් ඉදිරියට සතියක, දෙකක කාලයක් එලෙසම පිරිසිදු කිරීමේ කටයුතු සහ ධූමායන කටයුතු සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

සෞඛ්‍ය ලේකම්වරයා මේබව අවධාරණය කරන ලද්දේ ජාතික මදුරු මර්දන සතියේ අවසන් දිනය වූ පසුගිය 01 දා පස්වරුවේ එහි ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ආපදා කළමණාකරණ ඒකකයේදී පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින්ය.

නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග ඉදිරියේදී ඩෙංගු මදුරුවන් බෝවීමේ වර්ධනයක් සිදුවිය හැකි බැවින් මැයි මස 26 දින සිට ජුනි මස 01 දින දක්වා කාලය ජාතික මදුරු මර්දන සතියක් ලෙස ප්‍රකාශ කිරීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ලබා දුන් උපදෙස් මත එම සතිය ප්‍රකාශයට පත් කෙරිණි.

එම සතියක කාළය තුළදී අවදානම් දිස්ත්‍රික්ක වශයෙන් දිස්ත්‍රික්ක 16 ක් සහ අවධානම් කලාප ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 71ක් හඳුනා ගත් බව සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.

WhatsApp Group

Skip to content