ඩෙංගු රෝගය තවදුරටත් හිස ඔසවමින් පවතින බැවින් ඩෙංගු මර්දනයට දැඩි අවධානයක් යොමුකළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
මේ දක්වා මෙරටින් හමු වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,606ක් බවයි ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.
ඉන් වැඩිම පිරිස හමුවී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 22,800ක්.
ඩෙංගු අවධානම සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 67ක් හඳුනාගෙන ඇති අතර මෙම වර්ෂයේ මේ දක්වා ඩෙංගු මරණ 27ක් වාර්තා වී ඇති බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම මෙන්ම මදුරු මර්දන සඳහා දැඩි අවධානයක් යොමු කිරීම සෑම පුද්ගලයෙකුගේම යුතුකම බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.

 

WhatsApp Group

Skip to content