මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 27 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනාධිපති ඩෙංගු මර්ධන විශේෂඥ කමිටුව පවසනවා .

එහි සභාපති, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 47,000 ක් වාර්තා වී ඇති බවයි.

වාර්තා වන රෝගීන්ගෙන් සියයට 75 ක්ම වයස අවුරුදු 15 ට වැඩි පුද්ගලයින් බව සඳහන් .

ජනාධිපති ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ, ඩෙංගු උණ මීට පෙර කුඩා ළමුන් අතර බහුලව පැවතියත්, වර්තමානය වන විට තරුණයින් වැඩි වශයෙන් ඊට ගොඳුරු වන බවයි.

මේ අතර , මෙම සති අන්තයේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ මදුරු මර්දන විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක වනවා .

ජනාධිපති ඩෙංගු මර්දන විශේෂඥ කමිටුව සඳහන් කළේ, එම වැඩසටහනෙන් අනතුරුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සතියක් පුරා කීට පරීක්ෂාව සිදු කෙරෙන බවයි.

WhatsApp Group

Skip to content