ඩුබායි එමිරේට්ස් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය යන ගුවන් සමාගම් දෙකෙහිම මගීන් සඳහා සම්බන්ධතාව ඉහළ නැංවීමේ අරමුණෙන් අන්‍යෝන්‍ය අන්තර් සම්බන්ධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.

මෙම හවුල්කාරිත්වය මගින් කොළඹ සහ ඩුබායි හරහා එකිනෙකාගේ ජාලවල නව ස්ථාන වෙත ප්‍රවේශ වීමටත්, තනි ටිකට් පතක් භාවිතා කර ගමන් මලු මාරු කිරීමේ පහසුව භුක්ති විඳීමටත් මගීන්ට පහසුකම් සැලසෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කර ඇත්තේ.

එමිරේට්ස් මගීන්ට තෝරා ගැනීම සඳහා, කොළඹ හරහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මෙහෙයවනු ලබන කලාපීය ගමනාන්ත 15 ක් අන්තර් මාර්ග හවුල්කාරිත්වය මඟින් විවෘත කරන බැවින් ගුවන් ගමන් සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ හැකියාව ක්‍රියාත්මක බව සඳහන්.

එහිදී මාලදිවයිනේ ගැන් දූපතට අමතරව නව ඉන්දියානු ගමනාන්ත දෙකක් වන මදුරෙයි සහ තිරුචිරපල්ලි ඇතුළත් .

WhatsApp Group

Skip to content