ඩුබායි රාජ්‍යයේ ගෘහසේවයට ගොස් විවිධ හිරිහැරවලට සහ ගැටලුවලට මුහුණ දී මෙරටට පැමිණීමට නොහැකිව රැඳවුම් මධ්‍යස්ථානයක රැඳී සිටින ගෘහසේවිකාවන් 42 දෙදෙනා නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පළමු කණ්ඩායම ලෙස 10 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පිටත්කර යවන බවයි ඩුබායි රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර මහතා කියා සිටියේ.

මෙම පිරිස ශ්‍රී ලංකාවට එවීම ප්‍රමාද වී ඇත්තේ, ගුවන් ටිකට් පත් මිල අධික වීම හේතුවෙන්.

කෙසේ වෙතත් විශේෂ වට්ටමක් යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා මෙම පිරිස දිවයිනට පිටත් කර යවන බවයි ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content