ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය මගිනුයි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඩුබායිහි චොකලට් නිශ්පාදනාගාරයක රැකියා ලබා දෙන බව පවසා ඇය විසින් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 07කට අධික මුදල් ලබා ගෙන තිබෙනවා.

සැකකාරිය අද මංහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content