දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන සළිදු මල්ෂික හෙවත් කුඩු සළිදු නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැදින්වෙන පියුම් හස්තික නොහොත් “පියුමා” නමැති අපරාධ කල්ලි සාමාජිකයෙකු ඩුබායි හී දී විශේෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන අද(15) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.

මේ පිළිබඳ කරන ලද විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීවරයෙකු කියා සිටියේ මොහු කුඩු සළිදු වෙනුවෙන් ඩුබායි හි රැදී සිට මෙරට කුඩු ජවාරම මෙහෙයවා ඇති බවයි.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද(15) දින අලුයම 04.50 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.

එලෙස රැගෙන ආ මෙම අපරාධ කල්ලි සාමාජිකයා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රඳවා තබාගෙන අවශ්‍ය මූලික විමර්ශන සිදු කර අද(15) දින උදෑසන 08.00 ට පමණ දැඩි රැකවල් මධ්‍යයයේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථාන කාර්යාලය වෙත රැගෙන යනු ලැබුවා.

WhatsApp Group

Skip to content