ඉදිරි මාස 4 ක කාලය තුළ ඩීසල් නැව් තොග 4 ක් මිලදී ගැනීම වෙුනවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අනුව නොවැම්බර් මස පළමු වන දා සිටි එළඹෙන වසරේ පෙබරවාරි මස 29 වන දා දක්වා කාලය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩීසල් නැව් තොග 4 ක් මිලදී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත් ක්‍රමය යටතේ ලංසු කැඳවා තිබුණා.

ඒ අනුව සමාගම් 5 ක් ඒ සදහා ලංසු ඉදිරිපත් කර ඇති අතර එයින් සිංගප්පූරු සමාගමක් වෙතට අදාළ කොන්ත්‍රාත්තුව ලබා දීම සදහා බලශක්ති අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සදහා අනුමැතිය ලබා දී ඇති බව සඳහන්.

 

WhatsApp Group

Skip to content