ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 23 වන තරගයෙන් ලකුණු 149ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට දකුණුඅප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

තරග පැවැත්වුණේ බංග්ලාදේශය සමගින්.තරග

යේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා

.ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 382ක් ලබාගැනීමට සමත් වූවා.

එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් පන්දු 140කදී ලකුණු 174ක් රැස් කිරීමට ක්වින්ටන් ඩි කොක් සමත් වූවා.

ඊට හතරේ පහර 15ක් සහ හයේ පහර 7ක් අන්තර්ගතයි.හෙන්රිච් ක්ලා

සන් පන්දු 49ක් තුළදී හතරේ පහර 2ක් සහ හයේ පහර අටක් සමගින් ලකුණු 90ක් රැස් කර ගැනීමට සමත් වූවා.

නායක ඒඩන් මාක්‍රම් ලකුණු 60ක් ලබාගත්තේ හතරේ පහර 7ක්ද සමගින්.

රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 12ක්ද රේස් වැන් ඩර් ඩුසන් එක් ලකුණක්ද ලබාගැනීමට සමත් වූවා.

නොදැවී පන්දුවට පහර දුන් ඩේවිඩ් මිලර් ලකුණු 34ක්ද ලබා සිටි අතර මාර්කෝ ජැන්සන් එක් ලකුණු ලබා සිටියා.

ඒ් අනුව දකුණු අප්‍රිකානු ඉනිම අතිරේක ලකුණු 10ක් ද සමගින් පන්දුවාර 50 අවසානයේ දිස්වූයේ ලකුණු 382ක් ලෙසින්.

පන්දු යැවීමේ බංග්ලාදේශ පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයට ලක්වූවා.

ඒ අනුව හසන් මහමුද් පන්දුවාර හයක් යොමු කොට ලකුණු 67කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූවා.

දකුණු අප්‍රිකානු ඉනිමේ වාර්තා වූ හයේ පහර විස්සෙන් හයේ පහර 6ක්ම එල්ල වී ඇත්තේ හසන් මහමුද්ගේ පන්දුවාර තුළදීයි.

මෙහිඩි හසන් මිර්සා, සොරිෆුල් ඉස්ලාම් සහ හසන් මහ්මුද් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූ අතර සෙසු කිසිදු ක්‍රීඩකයෙකු කඩුලු දවා ගැනීමට සමත් වූයේ නෑ.

ලකුණු 383ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමේ සියලුම දෙනා පන්දුවාර 46.4කදී ලකුණු 233කට දවා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වූවා.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් ලකුණු රැස් කිරීමේදී මහ්මුදුල්ලා පන්දු 111කදී හතරේ පහර 11ක් සහ හයේ පහර හතරක් සමගින් ලකුණු 111ක් රැස් කර ගැනීමට සමත් වූවා.

ලිට්ටොන් දාස් ලකුණු 22ක් රැස් කර ගත් අතර නසුම් අහ්මඩ් ලකුණු 19ක් රැස් කර ගැනීමට සමත් වූවා.

හසන් මහ්මුද් ලකුණු 15ක්ද ටන්සිඩ් හසන් ලකුණු 12ක්ද මුස්ටෆිසර් රහ්මන් සහ මෙහිඩි හසන් මිර්සා ලකුණු 11 බැගින්ද ලබාගැනීමට සමත් වූවා.

සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් නොවූ අතර අතිරේක ලකුණු 17ක් ඉනිමට එක්වූවා.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ජෙරල්ඩ් කෝට්සි කඩුලු තුනක් දවා ගත්තේ පන්දුවාර 10ක් තුළ ලකුණු 62ක් ලබාදෙමින්.

මාර්කෝ ජැන්සන්, ලිසාඩ් විලියම්ස් සහ කගිසෝ රබාඩා කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.

කේසව් මහරාජ්ට දවා ගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.

තරගය පැවැතියේ වන්කඩේ ක්‍රීඩාංගණයේදීයි.

මින් පෙර එම ක්‍රීඩාංගණයේදී ක්‍රීඩාංගණයේදී තනි ක්‍රීඩකයෙකු විසින් ලබාගෙන තිබූ වැඩි ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ආරම්භක පිතිකරු සනනත් ජයසූරිය සමත්ව සිටි අතර එම වාර්තාව බිඳ හෙළීමට ක්වින්ටන් ඩි කොක් සමත් වූවා.

සනත් ජයසූරිය 1997 වර්ෂයේදී ලකුණු 151ක් ලබා තිබූ අතර ඊයේ බංග්ලාදේශය සමග පැවැති තරගයේදී ඩි කොක් ලකුණු 174ක් ලබාගැනීමට සමත් වූවා.

මේ අතර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රඳවා ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත්ව සිටිනවා.

ඒ සහභාගි වූ සියලුම තරග ජයග්‍රහණය කරමින් අපරාජිතව ප්‍රසාද ලකුණු 10ක් රැස් කර ගනිමින්.

සහභාගි වූ තරග පහෙන් හතරක් ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවන ස්ථානයේත් නවසීලන්ත කණ්ඩායම තෙවන ස්ථානයේත් පසු වන්නේ ප්‍රසාද ලකුණු 8 බැගින් ලබාගනිමින්.

සිව්වැනි ස්ථානයේ පසුවන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

ඒ් සහභාගි වූ තරග හතරෙන් දෙකක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 4ක් ලබාගනිමින්.

පකිස්තානු කණ්ඩායම පස්වන ස්ථානයේත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හය වන ස්ථානයේත් පසුවනවා.

නෙදර්ලන්ත කණ්ඩායම හත් වන ස්ථානයේ පසුවන අතර අට වන ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
එංගලන්ත කණ්ඩායම 9 වන ස්ථානයේ පසු වනවා.

දකුණු අප්‍රිකාව සමග ඊයේ පැවැති තරගයේ පරාජයත් සමග බංග්ලාදේශ කණ්ඩායම 10 වන ස්ථානයට පත්වූවා.

තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වීමට නියමිතව ඇත්තේ දිල්ලිහිදීයි.

ඒ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතරයි.

මේ අතර තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා වන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්වින්ටන් ඩි කොක්ය.

ඔහු ලබාගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 407ක්.

ලකුණු 354ක් ලබාගත් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි පසුවන්නේ දෙවන ස්ථානයේයි.

තෙවන ස්ථානයේ රෝහත් ශර්මා පසුවන්නේ ලකුණු 311ක් ලබාගනිමින්.

වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයා වන්නේ මිචෙල් සැන්ට්නර්යි.

ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 12ක්.

ජස්ප්‍රිට් බුම්රා කඩුලු 11ක්ද ඩිල්ෂාන් මධුෂංක කඩුලු 11ක්ද දවා ගැනීමට සමත්ව සිටිනවා.

WhatsApp Group

Skip to content