ඩිජිටල් සේවා බද්දක් පැනවීම සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු සාකච්ඡාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කර නොමැති බව එම අරමුදල පවසනවා.
ජාත්‍යන්තර ආයතනික බදුකරණය සදහා ශ්‍රී ලංකාව ආර්ථික, සහයෝගිතාව සහ සංවර්ධනය පිළිබද සංවිධානය හෙවත් ජී 20 හි පරීපූර්ණ යාන්ත්‍රණ ගිවිසුමට අත්සන් තැබිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම අරමුදලේ වත්මන් වැඩසටහන තුළ ඩිජිටල් සේවා බද්දක් පිළිබද කිසිදු සැලසුමක් ශ්‍රී ලංකා බලධාරින් සමග සාකච්ඡා නොකළ බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ.