ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන අනිද්දා සිට ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මකයි .

ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව ශ්‍රී ලංකාවේ පළමු වරට ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබනවා.

මේ වන විට සකස් කර තිබෙන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්ති හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ගැනීමට හැකි වන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කලා.

ඩිජිටල් ආර්ථිකය දැනට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 4ක දායකත්වයක් මෙරට ආර්ථිකයට ලබා දෙනු ලබනවා.

එය 2030 වන විට සියයට 15 ක් දක්වා වර්ධනය කර ගැනීමට සැලසුම් කර තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

 

WhatsApp Group

Skip to content