ඩිජිටල් ආර්ථිකය නගා සිටුවීම මගින් මෙරට දළ දේශීය නිෂ්පාදනයට 2030 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 15ක් ලබා දීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය පවසනවා.

එහි සභාපති ඉන්දික ද සොයිසා මහතා පැවසුවේ මේ වන විට ඩිජිටල් ආර්ථිකයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක ආදායමක් දළ දේශීය නිෂ්පාදනයට ලබා දෙන බවයි.

2023 – ජාතික තොරතුරු තාක්ෂණ සමුළුව පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ජාතික තොරතුරු තාක්ෂණ සමුළුව ඔක්තෝබර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පරිඝණක සංගමය විසින් මෙම සමුළුව සංවිධාන කරනු ලබනවා.

WhatsApp Group

Skip to content