ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පත් වී තිබෙනවා.

එම සංසදය ඊයේ දිනයේ දී පළමු වරට රැස් වුණා.

එහිදී චරිත හේරත් සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් මෙම පත්කර ගැනීම සිදු කර තිබෙනවා.

නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස මධුර විතානගේ සහ අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගෙන ඇති බව සදහන්.

කමිටුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් කමිටු සභාපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය ප්‍රථමයෙන්ම සාකච්ජාවක් සඳහා කැඳවීමටයි.

එමගින් වර්තමානයේ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව තොරතුරු හා දත්ත මෙන්ම එම කාර්යාලය ගෙනයන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් කමිටුවට අවබෝධයක් ලබා ගත හැකි බවයි සභාපතිවරයා එහිදී සඳහන් කළේ.

WhatsApp Group

Skip to content