ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ හත් වන සතියට අදාළ තරග අදින් ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව මහනුවර කිංස්වුඩ් විදුහල සහ කොළඹ ශාන්ත ජෝසප් විදුහල අතර මෙම සතියේ පළමු තරගය පැවැත්වෙනවා.
ඒම තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ අද පස්වරු 03 යි 45 ට කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගනයේදී යි.
මෙම සතියට අදාළ තවත් තරග 05ක් හෙට දිනය තුල පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා .
ඒ අතරින් එක් තරගයක් පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ ඉසිපත විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතරයි.
අදාළ තරගය මහනුවර ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනදී පැවැත්වෙනු ඇති .
කොළඹ රාජකීය විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර තරගය රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙනවා .

එමෙන්ම හැව්ලොක් ක්‍රීඩාංගනයේදී මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කොළඹ ඩී .එස් සේනානායක විද්‍යාලය අතර තරගය පැවැත්වීමට නියමිතයි.
ගල්කිස්ස ශාන්ත තෝමස් ව්ද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර තරගය ශාන්ත තෝමස්විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
හෙට දිනයේ පස්වන තරගය කොළඹ සහිරා විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර ක්‍රීඩා කෙරෙනු ඇති .
ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ හත් වන සතියේ තවත් තරගයක් අනිද්දා දිනයේදී පැවැත්වෙනවා .

ඒ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතරයි.
මෙම සියලු තරග පස්වරු 03 යි 45 ට ආරම්භ වනවා.

මේ අතර ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ හය වන සතිය අවසන් වන විට පළමු කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත්ව තිබෙනවා.
දෙවන , තුන්වන සහ සිව්වන ස්ථාන පිලිවෙලින් හිමිකර ගෙන ඇත්තේ ගල්කිස්ස ශාන්ත තෝමස් , මහනුවර ත්‍රිත්ව සහ කොළඹ ඩී .එස් සේනානායක යන විදුහල් විසින් .
තරගවාලියේ දෙවන කාණ්ඩයේ පළමු ස්ථානය බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට හිමිව තිබෙනවා .
පිලිවෙලින් දෙවන , තුන්වන සහ සිව් වන ස්ථාන හිමි කර ගෙන ඇත්තේ කොළඹ රාජකීය , මහනුවර විද්‍යාර්ථ සහ කොළඹ වෙස්ලි යන විදුහල් විසින්.

WhatsApp Group

Skip to content