පාර්ලිමේන්තු පරිශ්‍රයේ පසුගිය දා ඇති වූ ගැටුමට සම්බන්ධ වූ මන්ත්‍රීවරුන් තිදෙනා පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වන ආකාරයෙන් කටයුතු කර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන අය අතර මෙම ගැටුම සිදුව තිබුණා.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු කමිටුව අද රැස් වූ බවයි නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ.

එමෙන්ම මීළඟ කමිටු රැස්වීම ලබන 09 වන දා කැඳවීමට තීරණය කළ බවද ඔහු සදහන් කළා.

ඪදසජැ ක්‍මඑ – අජිත් රාජපක්ෂ

WhatsApp Group

Skip to content