ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඇති වු සිද්ධිය පිළිබඳව කරුණු සොයාබැලීමට පත් කළ කමිටුව අද දින  රැස්වීමට නියමිතව  තිබෙනවා .

පසුගිය දා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජනබලවේගයේ  රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබු අතර ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කමිටුවක් පත්කරනු  ලැබුවා .

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කළ අතර එම සිදුවීමට අදාළ පාර්ලිමේන්තුවේ  සි .සී .ටී .වී  දර්ශන ද අදාළ කමිටුව විසින් පසුගියදා නිරීක්ෂණය  කර තිබෙනවා .

ඒ අනුව මෙම සිදුවීමට සම්බන්ධ පාර්ශව අද දිනයේ මෙම කමිටුව හමුවට කැඳවා ඇති බව  සදහන් .

එහිදි අදාළ පාර්ශවයන්ගෙන් කරුණු විමසීමට නියමිත අතර අනතුරුව මේ පිළිබඳ නිගමනය කථානායකවරයා වෙත දැනුම්දීමට ද නියමිතයි .

මේ වන විට මෙම කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුගේ ද සහාය ලබාගැනීමට තීරණය කර  තිබෙනවා .

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ තලතා අතුකෝරළ යන මහත්මීන් අද දිනයේ පැවැත්වෙන මෙම කමිටුව සඳහා එක්වීමට නියමිතයි .

මේ අතර මෙම කමිටුව මඟින් සිදුකරන විමර්ශනවලදී යම්කිසි පාර්ශවයක් වැරදිකරුවන් බවට පත්වුවහොත් ඔවුන්ට මාස තුනක කාලයක් පාර්ලිමේන්තු සභාවාරය අහිමි වනු ඇති බවයි පාර්ලිමේන්තු මහලේකම්වරිය දැනුම් දී ඇත්තේ .

මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළකල  නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා.

https://www.vnews.lk/storage/2023/11/AJITH-RAJAPAKSHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content