සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජනබලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම විභාග කිරීම සදහා පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස ඇයගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේදී සුදුසු තීරණයක් ප්‍රකාශයට පත් කරන බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අද විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා.

සිය පෙත්සම විනිසුරුමඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස ඉල්ලමින් ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි අගවිනිසුරුවරයා මෙම නියෝගය ලබා දී ඇත්තේ.

WhatsApp Group

Skip to content